හැදින්වීම
තොරතුරු යුගයක ජීවත් වන අපට ඉතා වේගයෙන් හා විශාල ප්‍රමාණයන්ගෙන් තොරතුරු ලැබෙන අතර, සාවද්ය සහ ව්‍යාජ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා එය වැඩි අවකාශයක් නිර්මාණය කර ඇත.
සම්මුතික තත්ත්වයක් තුළ සාවද්ය තොරතුරු කෙතරම් පහසුවෙන් හටගන්නවාද යන්න තේරුම් ගැනීමට මෙම ක්‍රියාකාරකම අපට උපකාරී වේ.
මංකොල්ලකෑමේ සිද්ධියක් පිළිබඳ වාර්තාවේ පණිවිඩය:
සුපිරි වෙළෙඳසලක් අසළ මංකොල්ලයක් සිදුවීය. කරුණාකර මට ඔබේ උදව් අවශ්‍යව ඇත. මම වෙළඳසැල වෙත ඇවිදගෙන යමින් සිටියෙමි. මිනිහෙක් මා තල්ලූ කරමින් එලියට දිවයන්න විය. ඔහුගේ දකුණු අතේ තද නිල් පැහැති බෑගයක් විය. වම් අතේ තුවක්කුවක් වැනි දෙයක් විය. උරහිස ඉරුණු කළු පැහැති ජැකටයකින්, රතු සහ කොළ පැහැති ඉරි කමිසයකින් සහ නිල් පැහැති කළිසමකින් ඔහු සැරසී සිටි අතර ඔහුගේ කකුල් සිහින් ය. ඔහුට විශාල බඩක් විය. කළු පැහැති සපත්තු දෙකක් පැළඳ සිටි අතර අව් කණ්නාඩියක් ද පැළඳ සිටියේය. ඔහු තට්ට හිසකින් යුක්තය. තරමක් වැඩුන රැවුලක් ද විය. උස අඩි 6 ක් පමණ ය. බොහෝ විට ඔහු වයස අවුරුදු තිස් ගණන් පසුකරන්නෙක් යැයි කිව හැක.
1. වැඩමුළුව පවත්වන ස්ථානයෙන් බැහැරට යන ලෙස සහභාගිවන්නන් තිදෙනෙකුගෙන් (A, B, C) ඉල්ලා සිටින්න.
2. මංකොල්ලකෑමේ සිද්ධිය පිළිබඳ වාර්තාවේ පිටපත් වැඩමුළුවෙන් බැහැරට ගිය පුද්ගලයින් තිදෙනා හැර අන් අය අතර බෙදා දෙන්න.
3. තමන්ට ලැබුණ පිටපත පරිස්සමින් කියවන ලෙසත්, ශාලාවෙන් බැහැරට ගිය පුද්ගලයින් එම වාර්තාවේ ඇතුලත් කරුණු ප්‍රකාශ කර සිටින විට ඔවුන් ඉදිරිපත් කරන තොරතුරුවල නිරවද්‍යතාවය අධීක්ෂණය කොට එය ඇගයීමට ලක් කරන ලෙසත් වැඩමුළුව තුළ සිටින කණ්ඩායමෙන් ඉල්ලා සිටින්න. ඔවුන් ප්‍රකාශ කරන කරුණවල යම් වෙනස්කමක් හෝ යම් අතපසුවීමක් වූවා නම් එම කරුණු සටහන් කරගන්නා ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.
4. ශලාවෙන් බැහැරට ගිය පුද්ගලයන් තිදෙනා අතරින් එක් පුද්ගලයෙකුට (A) නැවත වැඩමුළුව පවත්වන ස්ථානයට පැමිණෙන ලෙස ආරාධනා කරන්න. මංකොල්ලකෑම පිළිබඳ සිද්ධියේ වාර්තාව මෙම පුද්ගලයාට ඇසෙන සේ කියවන්න. හදිසි තත්ත්වයක් හඟවන හඬක් භාවිතා කරන්න, නමුත් කිසිදු තොරතුරක් මතක තබා ගත නොහැකි වන ආකාරයට ඉක්මනින් කථා නොකරන්න.
5. ශාලාවෙන් බැහැරට ගිය දෙවැන්නාට (B) වැඩමුළුව පවත්වන ස්ථානයට නැවත එන ලෙස ආරාධනා කරන්න. A ට එම වාර්තාව B ට කියවන ලෙස ඉල්ලා සිටින්න. තමන් අත වූ අත්පත්‍රිකාව සම්පූර්ණ කරන ලෙස කණ්ඩායමේ සෙසු අයගෙන ඉල්ලා සිටින්න.
6. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තුන්වැන්නාට (C) එම ස්ථානයට එන ලෙස ආරාධනා කරන්න. B ට එම වාර්තාව C ට කියවන ලෙස ඉල්ලා සිටින්න.
7. ඔබ අපරාධය විමර්ශනය කිරීම සඳහා කැඳවන ලද පොලිස් නිලධාරියෙකු බව ප්‍රකාශ කොට, එම වාර්තාව ඔබට කියවන ලෙස C ගෙන් ඉල්ලා සිටින්න.
පහත සඳහන් ප්‍රශ්න ස්වේච්ඡා වෙන් ඉදිරිපත් වූ තිදෙනාගෙන් විමසන්න:
සහභාගිවන්නන් ගෙන් අසන්න:
උපදෙස්: වාර්තාවේ ඇතුලත් කරුණු නැවත ඉදිරිපත් කරන සෑම අවස්ථාවකම එය ඉදිරිපත් කළ පුද්ගලයාට මග හැරුණු, ඔහු විසින් අලුතින් එකතු කරන ලද හෝ පෙර වාර්තාවෙන් වෙනස් වූ ඕනෑම කරුණක් සටහන් කර ගන්න.
පළමු නැවත කියවීම
දෙවන නැවත කියවීම
තුන්වන නැවත කියවීම