බෑවුම් වූ කතන්දර කථා ඉදිරිපත් කිරීම
හැදින්වීම
අපි දිනපතාම විවිධ කථා වලට ඇහුම්කන් දෙන්නෙමු, නමුත් මෙම කථා තුලින් සත්‍ය තොරතුරු හෝ ඉදිරිපත්කරන්නාගේ දෘෂ්ඨිකෝණය අපට දැක ගත හැකි ද?
මේ ක්‍රියාකාරකමේ පරමාර්ථය වන්නේ, කතාව ඉදිරිපත් කරන ආකාරය තුළ කතාව කියන්නාගේ පක්ෂග්‍රාහී බව මතුවන්නේ හෝ කරුණු සන්නිවේදනය කරන්නේ කෙසේද යන්න ගවේෂණය කිරීමයි. තොරතුරුවලට සවන් දෙන විට හෝ තොරතුරු ලබා ගැනීමේ දි මඟහැරුණු තොරතුරු කෙරෙහි අවධානය යොමු කිරීමට එය තවදුරටත් අපව දිරිමත් කරයි.
උපදෙස්
- කණ්ඩායමකට ඉරට්ටේ සංඛ්‍යාවක් එන ආකාරයට සහභාගිවන්නන් කුඩා කණ්ඩායම් වලට බෙදන්න (කණ්ඩායමකට සාමාජිකයින් 4-6 ත් අතර ප්‍රමාණයක්).
- සෑම කණ්ඩායමකින්ම එක් පුද්ගලයෙකුට පහත කථාව ලබා දෙන අතර එම කතාවේ ඇතුලත් කරුණු හොඳින් අවධාරණය කර ගන්නා ලෙස ඔහු / ඇය ගෙන් ඉල්ලා සිටින්න
කථාව: පියෙකු සහ පුතෙකු මෝටර් රථයෙන් පාසලට ගමන් කරමින් සිටී. ඔවුන් ගමන් කරමින් සිටියදී ගසක් මෝටර් රථය මතට වැටී පියා සිහිසුන්ව යන අතර පුතාගේ කකුලක් බිඳේ. ගිලන් රථයකින් පුතා රෝහලට ගෙන යන අතර පියා වෛද්‍යවරයෙකු වෙත යොමු කරයි. ඔවුන් රෝහලට පැමිණෙන විට ශල්‍ය වෛද්‍යවරයා කකුල කැඩී ඇති පිරිමි ළමයා දෙස බලා ‘මේ මගේ පුතා!’ යැයි පවසයි.
- අවස්ථාවක් හෝ ආකල්පයක් හෝ චිත්තවේගයක් ඇතුලත් SAM කාඩ්පතක් සහභාගිවන්නන් අතර බෙදා දෙන්න (SAM: Situation-Attitude-Mood).
- ඔවුන්ගේ කාඩ්පතේ සඳහන් කර ඇති දේ වෙනත් කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.
- SAM කාඩ්පතේ සඳහන් කර ඇති අර්ථ නිරූපණය භාවිතා කරමින් කථාව නැවත කණ්ඩායමට ඉදිරිපත් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.
- සෑම ඉදිරිපත්කරන්නේකුටම තම කථාව කණ්ඩායමට ඉදිරිපත් කිරීමෙන් පසු, SAM කාඩ්පතේ සඳහන් කර ඇත්තේ කුමක් ද යන්න කණ්ඩායම විසින් අනුමාන කළ යුතුය.
- උත්සාහයන් කිහිපයකින් පසු, කතන්දරකරුට SAM කාඩ් පතේ ඇතුලත් අර්ථ නිරූපණය හෙළි කළ හැක.
SAM කාඩ්පත සඳහා උදාහරණ:
එය ඔබ මෙතෙක් අසා ඇති හෝ පවසා ඇති වඩාත් ම හාස්‍යජනක කතාවයි.
- ඔබ පොලිස් නිලධාරියෙකු වන අතර ඔබ පවසන්නේ සැකකරුවෙකු හැසිරුණ ආකාරය පිළිබඳ කතාවකි.
- ඔබ වැසිකිලියට යෑමට අවශ්‍ය නමුත් පළමුව කතාව අවසන් කළ යුතුය.
- ඔබ කතා කරන පුද්ගලයා පිළිබඳ ඔබට කැමැත්තක් නැත.
- ඔබ ඕපාදූප කතාන්දර ඇවිස්සීමට මහත් ප්‍රියතාවක් දක්වයි
- එය ඔබ මෙතෙක් පවසා හෝ අසා ඇති කනගාටුදායකම කතාවයි.
අදහස් විමසීමේ ප්‍රශ්න
- කතන්දරය ඉදිරිපත් කරන්නාගේ පක්ෂග්‍රාහිභාවය අනුව තොරතුරු වෙනස් කර සහ නැවත සකස් කර ඇත්තේ කිනම් ආකාරයන්ගෙන්
- මෙය සැබෑ ජීවිතයේදි පහසුවෙන් හඳුනාගත හැකි ක්‍රියාවලියක්ද?
- අප විසින් හුවමාරු කරගන්නා තොරතුරු අප හිතාමතාම හෝ නොදැනුවත්ව වෙනස් කරනවාද?
- අප මෙය සිදුකර ඇත්තේ කුමන ආකාරවලින් සහ කුමන තත්ත්වයන් යටතේද?
- අනිවාර්ය නොවේ: කතාව ඉදිරිපත් කරන්නාගේ පක්ෂග්‍රාහීභාවයන් හඳුනාගෙන ඒවා වළක්වා ගන්නේ කෙසේද?