පුවත්පත කියවීම
හැදින්වීම
සාමය, ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය යනු නූතන ලෝකය තුළ පොදුවේ භාවිතා වන වචන වන අතර මෙම තත්ත්වයන් කිසිවක් අප කිසිවෙකුට හෝ නුහුරු නුපුරුදු ඒවා නොවේ.
මෙම ක්‍රියාකාරකමේ පරමාර්ථය වන්නේ දෛනිකව අපට ලැබෙන තොරතුරු සමඟ මෙම පද තුනෙහි අර්ථය සහ ඒ අතර ඇති වෙනස හඳුනා ගැනීමයි.
උපදෙස්
- සහභාගිවන්නන් උප කාණ්ඩායම් තුනකට බෙදන්න.
- එම කණ්ඩායම් තුන සාමය, ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය ලෙසින් නම් කරන්න.
- කණ්ඩායමට ලබා දි ඇත නමට අනුව ඔවුන්ට ලබා දී ඇති විෂය කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස සෑම කණ්ඩායමකින්ම ඉල්ලා සිටින්න.
- සෑම කණ්ඩායමකටම ෆ්ලිප් චාර්ට් කඩදාසි සහ පැරණි පුවත්පත් ලබා දෙන්න.
- පුවත්පත් වල ලිපි කියවීමට සහ කණ්ඩායම් මාතෘකාවට අදාළ පින්තූර සොයා ගෙන එකතුවක් සදා ගැනීමට අදාළ ශීර්ෂ පාඨ, ලිපි හෝ පින්තූර උපුටා ගන්නා ලෙස සභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටින්න.
- එක් එක් කණ්ඩායම විසින් සොයාගත් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා සාමාජිකයන් දෙදෙනෙකුට ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටින්න.
අදහස් විමසීමේ ප්‍රශ්න
- සිරස්තල, ලිපි සහ පින්තූර තම විෂය හා සම්බන්ධ යැයි කණ්ඩායම සිතුවේ ඇයි?
- කණ්ඩායම් අතර එක හා සමාන ඉදිරිපත් කිරීම් තිබේ ද ? එසේ නම් ඇයි?
- භාවිතා කර ඇති සිරස්තල නිවැරිදි ද එසේත් නැත්නම් එය එහි අන්තර්ගතයේ ඇති සත්‍ය සිදුවීමට වඩා වෙනස් නොමඟ යවන සුළු සිරස්තලයක්ද?
- ප්‍රවෘත්ති වාර්තා කිරීම අපක්ෂපාතී සහ සර්ව සාධාරණ අයුරින් සිදුකර තිබේ ද?
- අනිවාර්ය නොවේ : සිරස්තල, ලිපි සහ පින්තූර මගින් අවශ්‍ය තොරතුරු ලබා දෙනවාද ? එසේත් නොවේ නම් යම් ප්‍රචාරයක් ලබා දීමට උත්සාහ ගෙන ඇත්දැයි ඔබ සිතනවාද? එයට හේතුව පැහැදිලි කරන්න.
- අනිවාර්ය නොවේ : ප්‍රජාව තුළ සාමය, ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා සිරස්තල, ලිපි සහ පින්තූර බලපෑමක් ඇති කරයි යැයි ඔබ සිතනවාද? ඒ සම්බන්ධයෙන් බෙදා ගැනීමට ඔබට යම් අත්දැකීම් තිබේද?