බස්රථ ගමන
හැදින්වීම
මිනිසුන්ට ලැබෙන තොරතුරු අනුව එකිනෙකාට දක්වන ගෞරවය සහ අගෞරවය වෙනස්වේ. සාවද්ය තොරතුරු හා ව්‍යාජ තොරතුරු මගින් එකිනෙකා පිළිබඳ වැරදි මත ඇති කළ හැකි අතර ගෞරවය හා අගෞරවය යන දෙකම ඒ තුළින් හට ගනී.
මෙම ක්‍රියාකාරකමෙහි පරමාර්ථය වන්නේ අපගේ උපකල්පන දැඩිව අල්ලා නොගන්නේ කෙසේද යන්න ඉගෙන ගැනීම සහ ඇතැම් තොරතුරු නොමඟ යවන සුළු හෝ යම් පුද්ගලයෙක් කෙරෙහි අගෞරවයක් හෝ ව්‍යාජ ගෞරවයක් ඇති කළ හැකි බව දැනුවත් කිරීමයි.
උපදෙස්
- බස් රථයක ආකාරයට පුටු කිහිපයක් සකස් කරන්න.
- ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ලෙස සහභාගිවන්නන් කිහිප දෙනෙකුට ආරාධනා කරන්න. ඔවුන්ට විදුහල්පති, ආගමික නායකයෙක්, දේශපාලනඥයෙක්, කසළ එකතු කරන්නෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ආදී චරිත රඟදැක්වීම සඳහා ලබාදෙන්න.
- අහඹු ලෙස බස් ආසන කිහිපයක් තෝරාගෙන ඉහත සඳහන් චරිත සඳහා ඒවා නම් කරන්න.
- නම් කරන ලද ආසන මත හිඳීගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අයගෙන් ඉල්ලා සිටින්න, නමුත් ඔවුන්ගේ චරිතයට අදාළ නම සඳහන් කරන ලද ආසන මත හිඳ නොගන්නා ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.
- වාඩි වී සිටින අය කුමන නම් සඳහන් ආසන වල වාඩිවී සිටීද යන්න දැක ගත හැකි ආකාරයට පිටුපසින් බස් රථයට ඇතුළු වන ලෙස එම ක්‍රියාකාරකම සඳහා ඉදිරිපත් වූ අනෙක් අයගෙන් ඉල්ලා සිටින්න.
- ප්‍රවේශමෙන් නිරීක්ෂණය කොට ඔවුන් වාඩි වීමට කැමති ඕනෑම තැනක වාඩි වන ලෙස ඔවුන්ට උපදෙස් දෙන්න.
- දැනටමත් වාඩි වී සිටින අයගෙන් ගෞරවය සහ අගෞරවය සම්බන්ධ ප්‍රශ්න ඇසීමට විනාඩි 4-6 අතර කාලයක් බස් රථයට ඇතුල් වූ දෙවන කණ්ඩායමට ලබාදෙන්න.
යෝජිත ප්‍රශ්න:
- ඔබේ මතය ප්‍රකාශ කරන විට අන් අය ඔබගේ මතය ග්‍රහණය කරගන්නා බවක් ඔබට දැනෙනවාද?
- ඔබ මිනිසුන්ට ආදර්ශමත් චරිතයක්ද ?
- ඔබ පොදු ස්ථානයක සිටින බව මිනිසුන් දුටුවිට, ඔවුන් ඔබට ආචාර කරනවාද?
- මිනිසුන් ඔබ සමඟ කතා කරන විට ගෞරවනීය භාෂාවක් භාවිතා කරනවාද?
- තමන් ගේ ජීවිත වැඩි දියුණු කර ගැනීමට මිනිසුන් ඔබෙන් උපදෙස් ලබා ගන්නවාද?
- ආරවුලක් ඇති වූ විට එයට මැදිහත් වී ගැටලුව විසඳීමට මිනිසුන් ඔබට අවස්ථාව දෙනවාද?
- ඔබේ ප්‍රජාව තුළ පවත්වන වැඩසටහන් සහ උත්සව සඳහා ඔබට ආරාධනා ලැබෙනවාද?
- ඔබ පෝලිමේ සිටිය යුතුද? එසේ නැතහොත් ඔබ පොදු ස්ථානයක සිටින විට ඔබට විශේෂ වරප්‍රසාද ලැබේනවාද?
අදහස් විමසීමේ ප්‍රශ්න
- ක්‍රියාකාරකමට සහභාගී වූ විටඔබට දැනුනේ කෙසේද?
- බස් රථයට නැගි දෙවන කණ්ඩායමෙන් විමසන්න:
ලබාදුන් පිළිතුරු ඔබ දුටු චරිත සමඟ ගැලපුනාද? යම් යම් අඩුපාඩුකම් තිබුණාද ?
අසුන නම් කර ඇති ආකාරය පිළිබඳ වූ ඔබේ මුලික අවබෝධය ඔවුන්ගේ පිළිතුරු සමඟ අභියෝගයට ලක් වූ විට ඔබට එය හැඟුණේ කෙසේද?
පළමුවෙන් ඉදිරිපත් වූ කණ්ඩායමේ සැබෑ චරිත හෙළි කිරීමෙන් පසු පහත සඳහන් අදහස් ඉදිරිපත් කළ හැක,
- සාවද්ය සහ ව්‍යාජ තොරතුරු ප්‍රබල උපකල්පන හා ඒකාකෘති වලට හේතුවන්නේ කෙසේද?
- මෙකී අවස්ථාවන් වල මැදිහත් වීමක් ලෙස අන් අයට ගරු කිරීම අපට භාවිතා කළ හැක්කේ කෙසේද?
- අනිවාර්ය නොවේ: සාවද්ය හෝ ව්‍යාජ තොරතුරු හේතුවෙන් ඔබට අගෞරවයක් වී තිබේද? එය ඔබට දැනුනේ කෙසේද?