කණ්ණාඩි කුට්ටම
හැදින්වීම
ගරු කිරීම ඉතා වැදගත් සාරධර්මයක් ලෙස සලකනු ලබන අතර, එය මනුස්ස සම්බන්ධතා ඇති කර ගැනීමේදී මෙන්ම සමාජීය හැසිරීම් හැඩගැස්වීමේ ලා අඩිතාලමක් ලෙස ක්‍රියා කරයි. එමෙන්ම ඇතැම් පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් අගෞරව කිරීම එකී සමාජීය හැසිරීම් කෙරෙහි විනාශකාරී බලපෑම් ද ඇති කළ හැක. ඇතැම් පුද්ගලයින්ට හෝ පුද්ගල කණ්ඩායම්වලට එරෙහිව දැනටමත් අප තුළ පූර්ව මත වේ නම් මෙවැනි තත්ත්ව වඩාත් නරක අතට පරිවර්තනය විය හැකි අතර, ඔවුන් කෙරෙහි අගෞරවයක් හෝ නොමග යන සුළු ගෞරවයක් නිරායාසයෙන්ම ඇතිවීමට එය හේතු විය හැක.
මෙම ක්‍රියාකාරකමෙහි පරමාර්ථය වන්නේ, පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අපගේ අවබෝධයේ වෙනසක් ඇති කරන වැරදි තොරතුරු / සාවද්‍ය තොරතුරු ව්‍යාප්ත වීම සඳහා පූර්ව මත දෙස බලන ආකාරය දායක වන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමයි.
උපදෙස්
- මහජනතාව ප්‍රතිචාර දැක්වීමට පෙළඹුන ෆේස්බුක් සටහන ප්‍රදර්ශනය කරන්න.
- ෆේස්බුක් සටහනේ අන්තර්ගතය සහ ඒ තුලින් අනාවරණය කරන ලද ප්‍රවෘත්තිවලට මහජනතාව දක්වන ප්‍රතිචාර ප්‍රවේශමෙන් නිරීක්ෂණය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට සහභාගිවන්නන්ට ආරාධනා කරන්න.
- ඉදිරිපත් කර ඇති තත්ත්වය පිළිබඳ ඔවුන්ගේ සිතුවිලි සහ අදහස් සාකච්ඡා කිරීමට සහභාගිවන්නන් කණ්ඩායම් 4 කට බෙදා වෙන් කරන්න.
අදහස් ඉදිරිපත් කිරීම්
- සටහන දුටු විට විගස ඔබට දැනුන හැගීම් මොනවාද?
- මෙම ෆේස්බුක් සටහනේ නිවැරදි තොරතුරු ඇතුලත්ව ඇතැයි ඔබ සිතනවාද? එසේ නම් ඔබ එසේ සිතන්නේ ඇයි? එසේ නොසිතන්නේ නම්, කරුණාකර එයට හේතුව පැහැදිලි කරන්න.
මෙම ෆේස්බුක් සටහන තුල වැරදි තොරතුරු / සාවද්‍ය තොරතුරු ඇතුලත් ව ඇති බව හෙළි කරන්න (ව්‍යාජ ප්‍රතිචාර සහිත ව්‍යාජ ෆේස්බුක් සටහන ):
- මෙම ලිපියේ වැරදි තොරතුරු / සාවද්‍ය තොරතුරු ඇතුලත්ව ඇති බව දැනගත් පසු ඔබට දැන් හැඟෙන්නේ කෙසේද?
- මේ හා සමාන ප්‍රතික්‍රියා ඇති කළ හැකි යැයි ඔබ සිතන සැබෑ සිදුවීම් මොනවාද ?
එම තත්ත්වය තුළ ඇතුලත් වැරදි තොරතුරු / සාවද්‍ය තොරතුරු මොනවාද?
එයට දක්වන ලද මහජන / ප්‍රජා ප්‍රතිචාර මොනවාද?
මෙම තත්ත්වයට සම්බන්ධ හෝ මේ සඳහා ඉලක්ක කරගත් විශේෂිත පුද්ගලයා / කණ්ඩායම කෙරෙහි එය කුමන ආකාරයේ බලපෑමක් ඇති කර තිබේ ද?
- ඇතැම් පුද්ගලයන්ට / පුද්ගල කණ්ඩායමකට එරෙහිව පවතින පූර්ව මත හේතු කොටගෙන යම් යම් ප්‍රතික්‍රියා ඇති වී තිබේද? (උදා: ආගම, ජනවාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, රැකියාව, සමාජ පන්තිය යනාදියට එරෙහිව අන් අය අතර පවතින පූර්ව මත )
- පූර්ව මත පදනම් කොටගෙන අප අන් අයට ගරු කරන හෝ අගෞරව කරන ආකාරය වෙනස් විය හැකිද?
- අනිවාර්ය නොවේ : ඉලක්කගත පුද්ගලයන්ට / පුද්ගලයින් කණ්ඩායමට එරෙහිව තව දුරටත් වැරදි තොරතුරු / සාවද්‍ය තොරතුරු නිර්මාණය කිරීම සඳහා ඇතැම් පාර්ශවයන් සමාජය තුළ පවතින මෙම පූර්ව මත භාවිතා කරනවාද?
- අනිවාර්ය නොවේ: වැරදි හෝ සාවද්‍ය තොරතුරු නිසා වෙනත් පුද්ගලයෙකු හෝ ප්‍රජාවක් කෙරෙහි ඔබ තුළ වූ ගෞරවය වෙනස් කළ පෞද්ගලික අත්දැකීමක් ඔබට තිබේද?