හැදින්වීම
ආදරය හා අනුකම්පාව මනුෂ්‍ය අවශ්‍යතා වේ. ඒවා නොමැතිව මනුෂ්‍ය වර්ගයාට පැවතිය නොහැක. නමුත්, අපි යම් කෙනෙකුට රැවටී ඇති බව හෝ අන් අය අපෙන් අයුතු ප්‍රයෝජන ගත් බවක් හැඟෙන විට ඔවුන්ට කරුණාවන්ත වීම අභියෝගාත්මක ධර්මයකි. බොහෝ විට, අප දක්වන සහකම්පනයෙන් හෝ අනුකම්පාවෙන් මිනිසුන් අයුතු ප්‍රයෝජන ගන්නා බවක් අපට හැඟේ. සමහර විට, මිනිසුන් ඔවුන්ගේ පුද්ගලික යහපත සඳහා අප තුළ ඔවුන් කෙරේ අනුකම්පාව ඇති කිරීම සඳහා ගොතන ලද හෝ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරයි.
මෙම ක්‍රියාකාරකමේ අරමුණ වන්නේ, විශේෂයෙන් ම අභියෝගාත්මක අවස්ථාවන්හිදී අපට කරුණාවන්තව සිටීමට හැකි ආකාරය පිළිබඳ සොයා බැලීමයි .
1 වන විකල්පය - සාවද්ය හෝ ව්‍යාජ තොරතුරු හේතුවෙන් කරුණාව බිඳ වැටෙන අවස්ථාවක් පෙන්වන වීඩියෝ පටයක් භාවිතා කරන්න. එම වීඩියෝවේ පෙන්වන ආකාරයට එම අවස්ථාව තමන්ගේ කරුණාව අනිසි ලෙස භාවිතා කර ඇති අවස්ථාවක් ලෙස මෙනෙහි කරගන්න මෙන් සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටින්න.
2 වන විකල්පය - සාවද්ය හෝ ව්‍යාජ තොරතුරු හේතුවෙන් තමන්ගේ කරුණාව අනිසි ලෙස භාවිතා කරන ලද තත්ත්වයක් හෝ අත්දැකීමක් ගැන මෙනෙහි කරන ලෙස සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටින්න.