හැදින්වීම


සාවද්ය සහ ව්‍යාජ තොරතුරු අප අනෙක් පුද්ගලයින් - රුස්සන සහ නොරුස්සන ස්වභාවය ඇතිවන්නේ කෙසේ ද යන්න තීරණය කරන සාධකයක් බවට පත්ව ඇත. පුද්ගලයෙකු ගේ නොරිස්සුම් සහගත සිතුවිලි උත්පාදනය කිරීමේ අරමුණින් බොහෝ විට සාවද්‍ය තොරතුරු හුවමාරු වන අතර, බොහෝවිට එකී නොරිස්සීමේ ක්‍රියාව ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇතිවීමට මූල හේතු බවට පත්වේ.

මෙම ක්‍රියාකාරකමේ පරමාර්ථය වන්නේ සාවද්ය හා ව්‍යාජ තොරතුරු පැතිරීම වේගවත් කිරීමට සමාජ ඒකාකෘතින්ට හැකි ආකාරය පිළිබඳ සිතා බැලීමට සහභාගිවන්නන් දිරිමත් කිරීමයි. අනෙක් අයට තමන්ගේ අදහස් හා අවබෝධය බෙදා ගැනීමට අවකාශය ලබා දීමෙන් එවැනි ඒකාකෘති අභියෝගයට ලක් කිරීමට මෙය සහභාගිවන්නන්ට අවස්ථාවක් සලසා දේ.

උපදෙස්
  • හිස් කාඩ්පත්/ කඩදාසි කැබලි පිළියෙල කොට එක් සහභාගිවන්නෙකුට ඉන් එක් කාඩ්පත බැගින් ලබා දෙන්න.
  • කාඩ්පතේ ඉහළින් තමන්ගේ නම ලියන ලෙස සහභාගිවන්නාගෙන් ඉල්ලා සිටින්න.
  • තමන් අයත් සංස්කෘතික/ සමාජ කණ්ඩායම හෝ කණ්ඩායම් ගැන තනි තනිව සිතන ලෙස සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටින්න. සෑම පුද්ගලයෙකුම විවිධ කණ්ඩායම් වලට අයත් විය හැක. ජනවාර්ගිකත්වය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ පන්තිය, භාෂාව යනාදිය මත පදනම්ව ඔවුන් අයත් කණ්ඩායම් ගැන සිතා බැලීමට ඔවුන්ව දිරිමත් කරන්න.
  • සපයා ඇති කාඩ්පතේ තමන් අයත් සමාජ කණ්ඩායම්වල නම් ලිවීමට සහභාගිවන්නන්ට උපදෙස් දෙන්න.
  • ඉන්පසු පහසුකම් සපයන්නා විසින් මෙම කාඩ්පත් එකතු කර කාමරය වටා බිත්තියක අලවා ඒ තුලින් කණ්ඩායම් විවිධත්වය පෙන්නුම්කරන “වදන් චිත්‍රයක්” නිර්මාණය කළ යුතුය.
  • ඉන්පසු සහභාගිවන්නන්ට ඇවිද ගොස් අනෙක් අය ලියා ඇති දේ නැරඹීමට මිනිත්තු තුනක පමණ කාලයක් ලබා දෙන්න.
  • ඉන්පසු සහභාගිවන්නන්, හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායම්වලට බෙදන්න.
  • සෑම සහභාගිවන්නෙකුටම තමන් දැඩි ලෙස ඇසුරු කරන හෝ ඔවුන් කෙරෙහි විශාල බලපෑමක් ඇති බව හැඟෙන එක් සමාජ කණ්ඩායමක් (කාඩ් පතේ සඳහන්) ගැන තනි තනිව සිතා බලන ලෙස ඉල්ලා සිටින්න.
  • ඊට අනුකූලව පහත ලැයිස්තුගත කර ඇති ප්‍රශ්න තුන කෙරෙහි අවධානය :
  • ඔබ හඳුනාගත් කණ්ඩායමේ සාමාජිකයෙකු වීමෙන් ඔබ ලබාගත් ශක්තිය කුමක්ද?
  • ඔබ වෙනස් කිරීමට කැමති ඔබේ සමාජ කණ්ඩායමේ එක් දෙයක් දෙයක් සඳහන් කරන්න?
  • ඔබේ සමාජ කණ්ඩායම ගැන ඔබට නැවත කිසිදිනක අසන්නට නොලැබිය යුතු යැයි ඔබ සිතන එක් දෙයක් සඳහන් කරන්න?
  • කුඩා කණ්ඩායම් වශයෙන්, මෙම ප්‍රශ්නවලට ඔවුන්ගේ ප්‍රතිචාර මොනවාද යන්න ඔවුන්ගේ උප කණ්ඩායම සමඟ බෙදා ගන්නා ලෙස සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටින්න. එක් අයෙක් මිනිත්තු පහකට වඩා කාලය නොගන්නා ලෙස ඉල්ලා සිටින්න.
  • සහභාගිවන්නන්ට තමන් අකැමති නම් අදහස් බෙදාගැනීමේ එම අවස්ථාව මඟහැරීමට හෝ කතා නොකර සිටීමට අයිතියක් ඇති බව සිහිපත් කරන්න.
  • සාකච්ඡා සැසිය සඳහා නැවතත් සම්පූර්ණ කණ්ඩායම වෙත යන්න.

අදහස් විමසීමේ ප්‍රශ්න
  • මෙම ක්‍රියාකාරකමට ඔබ දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? එය ඔබට පහසු වූවාද, අපහසු වූවා ද?
  • විවිධ සමාජ කණ්ඩායම්වලට අයත් සාමාජිකයින් (උදා: ජනවාර්ගික, ආගමික, සංස්කෘතික, ස්ත්‍රී පුරුෂ භාවය ආදිය) ගැන ඔබ අලුත් හෝ පුදුමයට පත්කරවන යමක් ඉගෙන ගත්තාද?
  • අනිවාර්ය නොවේ : අනෙක් සමාජ කණ්ඩායම් සතුව ඇති පොදු ඒකාකෘති මොනවාද? ඔබ සාකච්ඡා කළ සමහර ඒකාකෘති එම සමාජ කණ්ඩායම් පිළිබඳ සාවද්ය හෝ ව්‍යාජ තොරතුරු පැතිරවීමට දායක වන්නේ කෙසේද?
  • පිළිතුරු දීම අනිවාර්ය නොවේ : සාවද්ය සහ ව්‍යාජ තොරතුරු මගින් තව තවත් ඒකාකෘති නිර්මාණය වේද?
  • මෙම ඒකාකෘති එම සමාජ කණ්ඩායම් කෙරෙහි නොරිස්සුම ඇති කරන්නේ කෙසේද?