හැදින්වීම
මෙම ක්‍රියාකාරකම මඟින් පක්ෂපාති තොරතුරු යනු කුමක් ද යන්න හඳුන්වා දෙන අතර, එහි පවතින වෙනත් තොරතුරු හඳුනාගැනීම සඳහා හැකියාව විවෘත කරයි. අපි තොරතුරු තේරුම් ගන්නේ අපේ දෘෂ්ටිකෝණයෙන් පමණක් බව සිහිපත් කරමින් විවිධ මත සහ දෘෂ්ටි කෝණයන් සමඟ වැඩ කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට උපකාර කිරීම එම ක්‍රියාකාරකමේ පරමාර්ථයයි.
අලියා සහ අන්ධ පුද්ගලයින් හය දෙනාගේ කතාව
එකමත් එක ගමක අන්ධ පුද්ගලයින් හය දෙනෙක් ජීවත් වූහ. දිනක් අලියෙකු ගමට ඇතුළු වී ඇති බව ඔවුන්ට අසන්නට ලැබිණ. අලියෙකු යනු කවරෙක් ද යන්න ඔවුන් තුළ කිසිම අවබෝධයක් නොතිබූණ අතර, අලියා දැකගැනීමට නොහැකි වුවද, ගොස් මෙම සත්වයා ගැන වැඩි විස්තර දැන ගැනීමට ඔවුහු තීරණය කළහ. අලියා හමුවට ගොස්, ඔහු කුමන ආකාරයේ සතෙක් දැයි සොයා බැලීමට ඔවුන් සියල්ලෝම අලියා ස්පර්ශ කළහ.
‘අලියා කණුවක්’ යැයි අලියාගේ කකුල මත අත තැබූ පළමු පුද්ගලයා පැවසීය.
‘ආහ් , නෑ! ‘එයා කඹයක් වගේ’, වලිගය ස්පර්ශ කළ දෙවන පුද්ගලයා පැවසීය.
‘ ම්ම් .., නෑ ..නෑ ....! ‘එයා හරියට ගහක විශාල අත්තක් වගේ’, අලියාගේ හොඬවැල ඇල්ලු තුන්වන පුද්ගලයා පැවසීය.
‘එයා ලොකු අත් අවානක් වගේ’, අලියාගේ කනට අත තැබූ සිව්වන පුද්ගලයා පැවසීය.
‘එයා විශාල බිත්තියක් වගේ’, අලියාගේ බඩට අත තැබූ පස්වන පුද්ගලයා පැවසීය.
‘එයා හරියටම හයිය බටයක් වගේ’, අලියාගේ ඇත් දළ ස්පර්ශ කළ හයවන පුද්ගලයා පැවසීය.
අලියා මොන වගේද කියා ඔවුන් වාද කරන්න පටන් ගත් අතර ඔවුන් සෑම කෙනෙක්ම කියා සිටියේ තමන් නිවැරදි යැයි කියාය. ඔවුන් පැවසු අදහස නිවැරදි එකක් බව ඒත්තු ගැන්වීමට සෑවොම හයියෙන් කෑ ගැසීමට පටන් ගත්හ.