හැදින්වීම


අපි දිනපතාම බොහෝ තීරණ ගන්නා අතර, ඉන් සමහර ඒවා තීරණාත්මක සහ ජීවිතය වෙනස් කරන ඒවාය. නමුත් සමහර අවස්ථාවල අපට අවශ්‍ය තොරතුරු නොමැතිව හෝ අවශ්‍ය සියලු තොරතුරු සම්පූර්ණව ලැබී නොමැති අවස්ථාවල වුවද තීරණ ගැනීමට අපට සිදුවනු ඇත. එවැනි තත්ත්වයන් තුළ අපව මෙහෙයවනු ලැබීමට හෝ සහ නොමඟ යැවීමට හැකියාව ඇත. එබැවින් එවැනි අයුතු ප්‍රයෝජන ගැනීම් සහ රැවටීම් වලින් වලක්වා ගැනීම සඳහා අවංකභාවය ඉතා වැදගත් වේ.

මෙම ක්‍රියාකාරකමෙහි පරමාර්ථය වන්නේ තොරතුරු අපට සඟව ඇති විට අපගේ මානසික හා චිත්තවේගීය ප්‍රතික්‍රියා තේරුම් ගැනීමයි.

උපදෙස්
  • සංවෘත කවයක පුටු තබා වාඩි වී සිටින ලෙස කණ්ඩායමට නියම කරන්න.
  • කණ්ඩායම අතර අතින් අත යැවීම සඳහා හැන්දක් සහ ගෑරුප්පුවක් ලබා දෙන්න. එය කණ්ඩායමට ලබා දෙන විට එය එකිනෙක මත හරහට තබා ඇති බවට සහතික වන්න.
  • සහභාගිවන්නන් විසින් තමන් අතට පත් වූ හැන්ඳ සහ ගෑරුප්පුව අනිකා ගේ අතට දෙනවිටම 'Crossed (හරහට)' හෝ 'Uncrossed (කෙලින්)' ලෙස පවසා එය අතින් අත දිය යුතු බව පවසන්න .
  • සියලුම පහසුකම් සපයන්නන් විසින් එය නිහඬවම නිරීක්ෂණය කිරීම අවශ්‍ය වන අතර සහභාගිවන්නන් සමඟ කිසිදු කතාබහක නිරත නොවිය යුතුය.
  • 'රහස' දන්නා පහසුකාරකයෙක් මෙම ක්‍රියාකාරකම සිදුකරන අතර තුර අදහස් දැක්වීම සිදු කළ යුතුය.

  • රහස: හැඳි ගෑරුප්පු කණ්ඩායම වටා අතින් අත යවනවිට සහභාගිවන්නා තම කකුල් හරස් අතට තබා ගෙන වාඩිවී සිටින්නේ නම් එය 'හරස් තත්වයක්' ලෙස සැලකේ. හැඳි ගැරුප්පු එසේ අතින් අත යවන විට සහභාගිවන්නා තම කකුල් හරස් අතට තබා හිඳගෙන නොසිටින්නේ නම් එය 'කෙලින් තත්ත්වයක්' ලෙස සැලකේ.

  • සහභාගිවන්නෙකු හැන්ඳ සහ ගෑරුප්පුව ඊළඟ සහභාගිවන්නා වෙතට දෙන විට නම් කරන ලද පහසුකම් සපයන්නා විසින් සහභාගිවන්නන් කකුල් තබා ගෙන සිටින අයුරු සියුම් ලෙස නිරීක්ෂණය කළ යුතුය.
  • නම් කරන ලද පහසුකම් සපයන්නා විසින් පහත සඳහන් තත්ත්වයන් ගැන සලකා බලා ' හරි' හෝ 'වැරදි' ලෙස පමණක් පැවසිය යුතුය ;
  • හරි - සහභාගිවන්නා තම කකුල් හරස් ලෙස තබා ගෙන හිඳගෙන සිටින විට 'හරස්' ලෙස පැවසීම
  • හරි - සහභාගිවන්නා තම කකුල් හරස් ලෙස තබා නොගෙන හිඳගෙන සිටි විට , ' කෙලින් ' ලෙස පැවසීම
  • වැරදි - සහභාගිවන්නා තම කකුල් හරස් ලෙස තබා හිඳගෙන සිටින විට ' කෙලින් ' ලෙස පැවසීම
  • වැරදි - සහභාගිවන්නා තම කකුල් හරස් ලෙස තබා ගෙන ඉඳගෙන නොසිටින විට , 'හරස්' ලෙස පැවසීම

  • කකුල් නොව හරස් ලෙස තබා ගත යුත්තේ හැඳ ගෑරුප්පු බව කණ්ඩායම ස්වභාවයෙන්ම සිතන්න පෙළඹේ.
  • ටික වේලාවකට පසු ඔවුන් ක්‍රීඩාවේ රහස සොයාගෙන ඇත්දැයි කණ්ඩායමෙන් විමසන්න.
  • ඔවුන් එය දන්නේ නම්, අත ඔසවන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න, නමුත් ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න නොඅසන්න.
  • රවුම තුළ වට කිහිපයක් හැඳි ගෑරුප්පු අතින් අත යවන්න, එවිට රහස හඳුනා ගැනීමට සහභාගිවන්නන්ට ප්‍රමාණවත් කාලයක් ලැබෙනු ඇත.
අදහස් විමසීමේ ප්‍රශ්න
  • 'රහස' ගැන ඔබ නොදැන සිටියදී ක්‍රියාකාරකම ඔබට දැනුනේ කෙසේද?
  • 'රහස' හදුනා ගැනීමට කිසිවෙක් සමත් වූවාද? එසේ නම්, එය කෙසේද ?
  • අනිවාර්ය නොවේ : අනෙක් අය සොයා ගැනීමට අසමත් වූ 'රහස' ඔබ තේරුම්ගත්තේ කෙසේද? අන් නොදැන සිටි සුවිශේෂී තොරතුරු කිහිපයක් ඔබ දැනගත් විට එය ඔබට දැනුනේ කෙසේද? ඔබ රහස අන් අය හා බෙදා ගත්තාද? එසේ නම්, ඔබ බෙදාගත්තේ ඇයි? එසේ නොවේ නම්, ඔබ බෙදා නොගත්තේ ඇයි?
  • සැබෑ ජීවිතයේ දී, අවශ්‍ය සම්පූර්ණ තොරතුරු ඔබට ලබා දී නොමැති වූ විට හෝ නොමඟ යවන තොරතුරු වලින් ඔබ මෙහෙය වනු ලැබු අවස්ථාවකට ඔබ මුහුණ දී තිබේද? එය ඔබට දැනුනේ කෙසේද?
  • අනිවාර්ය නොවේ : සෑම විටම සම්පූර්ණ සත්‍ය තොරතුරු ලබා ගැනීමට ඔබට අයිතියක් තිබේ දැයි ඔබ සිතනවාද?
  • අනිවාර්ය නොවේ : සත්‍ය තොරතුරු සම්පූර්ණයෙන්ම හෙළි නොකර සිටීම වඩාත් සුදුසු යැයි හැඟෙන අවස්ථා තිබිය හැකිද? එසේ නම්, ඒ සඳහා නිදසුන් ඉදිරිපත් කරන්න?