හැදින්වීම


අපි හැමෝම ජීවිතයේ ගණන් කළ නොහැකි වාර ගණනක් අන් අයට බොරු කියා හා වංචා කර ඇති මෙන්ම අන් අය විසින් ද අනේක වාරයක් අපිව රවටා හෝ අපට වංචා කර ඇත. ඇතැම් විට ඒවා හානියක් නොවන පිරිසිදු චේතනාවෙන් වන නමුත් තවත් විටෙක ඒවා භයානක තත්ත්වයන් ඇති කිරිමට හේතු වී ඇත.

මෙම ක්‍රියාකාරකමේ පරමාර්ථය වන්නේ ව්‍යාජ තොරතුරු වල බලපෑම හා ප්‍රතිවිපාක තේරුම් ගැනීමයි.

උපදෙස්
  • සහභාගිවන්නන්ට ඔවුන් ගුවන් යානයක පියාසර කරන බව දැනුම් දෙන්න.
  • සෑම දෙයක්ම ඉතා හොඳින් සිදුවෙමින් පවතී, නියමිත වේලාවට යානය ගුවන් ගත වේ, කිසිදු අනතුරක් නොමැත. කෙසේ වෙතත්, හදිසියේම යානයේ පියාපත් තුළ ගින්නක් ඇති කරමින් බිහිසුණු ශබ්දයක් ඇති වන අතර එන්ජිමේ ක්‍රියාකාරිත්වය ඇනහිටී.
  • 1 වන මට්ටමේ භීතිකාව - එම තත්ත්වය තුළ ඔවුන් ප්‍රතික්‍රියා කරන්නේ කෙසේදැයි සහභාගිවන්නන්ගෙන් විමසන්න. සහභාගිවන්නන්ට දැනෙන විවිධ සිතුවිලි සහ ප්‍රතිචාර සාකච්ඡා කරන්න. නිදසුනක් වශයෙන්, ගුවන් නියමුවාගේ පුහුණුව හා පළපුරුද්ද ගැන විශ්වාසයක් ඇති අතර බියක් හා අවිනිශ්චිතබවක් පිළිබඳ හැඟීමක් ඇති වූ නමුත් කළ යුතු දේ කුමක්ද යන්න නියමුවා හෝ සම නියමු දැන සිටිතැයි විශ්වාස කරයි.
  • 2 වන මට්ටමේ භීතිකාව - ගුවන් නියමුවා ගුවන් සමාගමට අලුතින් ආ කෙනෙක් බව සහ පියාසර කිරීම සඳහා ඔහු සහතිකය ලබාගෙන ඇත්තේ මෑතකදී බව සිතන ලෙස සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටින්න. මෙම සිතුවිල්ල ඔවුන්ට දැනෙන ආකාරය තුළ වෙනසක් සිදුකරා දැයි ඔවුන්ගෙන් විමසන්න.
  • 3 වන මට්ටමේ භීතිකාව - ගුවන් නියමුවා තම ප්‍රායෝගික පරීක්ෂණ අනෙකකු ලවා කරවාගෙන පරීක්ෂණයෙන් සමත්ව ඇති බව සහ ඔහුගේ සහතික පෙන්වා දෙන තරම් පළපුරුද්දක් ඔහුට නොමැති බව දැන් පැහැදිලි කරන්න. සැබවින්ම , හදිසි තත්ත්වයක් යටතේකටයුතු කරන්නේ කෙසේ ද යන සමස්ත අංශයම ඔහු මග හැර ඇත. මෙම ගුවන් නියමුවා සමඟ ගුවන් යානයක ගමන් කරන්නේ නම් තමන්ට හැඟෙන්නේ කෙසේද යන්න සහභාගිවන්නන්ගෙන් විමසන්න.
  • සහභාගිවන්නන් නියමුවා කෙරෙහි අවිශ්වාස කිරීමට පටන් ගන්නේ කුමන මට්ටමින් ද යන්න සහ එක් එක් මට්ටම් වලදි ඔවුන්ගේ ප්‍රතික්‍රියා වෙනස් කරන්නේ කෙසේද යන්න සැලකිල්ලට ගන්න.
අදහස් විමසීමේ ප්‍රශ්න
  • සෑම භීතිකාවක් තුළම ඔවුන් තුළ ඇති වූ අවංක සිතුවිලි සහ ගැටළු ප්‍රකාශ කරන ලෙස සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටින්න.
  • අවංකකම වැදගත් වන්නේ ඇයි?
  • බොරු හෝ සාවද්ය තොරතුරු නිසා යම් පුද්ගලයෙකු පිළිබඳ ඔබ තුළ වූ විශ්වාසය බරපතළ ලෙස බිඳුණ අවස්ථාවන්ට ඔබ මුහුණ දී තිබේද?
  • අනිවාර්ය නොවේ: අසත්‍ය හෝ ව්‍යාජ තොරතුරු මගින් ඔබ යමෙකුගේ විශ්වාසය බරපතල ලෙස කඩ කර තිබේද? අවංක වීමේ සහ අවංක නොවීම තුලින් ඇතිවන බලපෑම් සහ එහි ප්‍රතිවිපාකවල බරපතලකම අප සලකා බැලිය යුතුද?
  • අනිවාර්ය නොවේ: අපි සෑම විටම අවංක විය යුතුද? සැහැල්ලු බොරු හා එකගවිය හැකිද? සමහර තත්ත්වයන් තුළ වංකකමට වඩා අවංකකම හානිකර විය හැකිද? එසේ නම්, වංකකම තෝරා ගැනීම වඩාත් සුදුසු ද?
  • අනිවාර්ය නොවේ: හොඳ චේතනාවකින් බොරු කීම හෝ සාවද්ය තොරතුරු සැපයීම පිළිගත හැකිද?