හැදින්වීම


සාවද්ය සහ ව්‍යාජ තොරතුරු මගින් පුද්ගලික හා ප්‍රජා සම්බන්ධතාවලට හානි කිරීමේ හැකියාවක් ඇති අතර එමඟින් අප අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආකාරය කෙරෙහි බරපතල බලපෑමක් ඇති කරයි. පහසුකම් සපයන්නන්ගේ මැදිහත්වීම තුළ ඉලක්කගත මාතෘකාවක් පිළිබඳ අදහස් සහ යෝජනා සොයා බැලීමට ලෝක අවන්හල ක්‍රියාකාරකම සහභාගිවන්නන්ට අවස්ථාව ලබා දෙයි. ලෝක අවන්හල යනු කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේදී අන් අයට සවන් දීමට සහ අපගේ මතය ඉදිරිපත් කිරීමට හොඳ පුහුණුවක් ලබා දෙන ක්‍රියාකාරකමකි. එමෙන්ම සාමූහික විසඳුම් කරා ළඟාවීමට අවශ්‍ය අදහස් සදහා අවශ්‍ය තොරතුරු හෝ පැහැදිලි බව ජනනය කරනු ලබන මෙවලමකි.

මෙම ක්‍රියාකාරකමේ පරමාර්ථය වන්නේ සාවද්ය සහ ව්‍යාජ තොරතුරු සඳහා හේතුවන කරුණු, එහි බලපෑම් සහ ඒවා අවම කරන ආකාරය තේරුම් ගැනීමයි.

උපදෙස්
  • පහත දැක්වෙන ප්‍රශ්න තුන වෙන වෙනම කොළ වල ලියන්න;
  • A කණ්ඩායම : හේතු - සාවද්ය හෝ ව්‍යාජ තොරතුරු ඇතිවීමට හේතුව කුමක්ද?
  • B කණ්ඩායම : බලපෑම - සාවද්ය හෝ ව්‍යාජ තොරතුරු තුලින් සහයෝගයට ඇති කරන බලපෑම කුමක්ද?
  • C කණ්ඩායම : අවම කිරීම - සහයෝගයට බාධාවක් වන සාවද්ය හෝ ව්‍යාජ තොරතුරු පැතිරීම අවම කිරීම සඳහා කළ හැක්කේ කුමක්ද?
  • ඉහත ප්‍රශ්න තුන වෙනම වෙනම කොළවල සටහන් කර වෙන වෙනම මේස තුනක් මත සහභාගිවන්නන්ට දැකගත හැකි ආකාරයට තබන්න.
  • ක්‍රියාකාරකම සිදුකරන අතරතුර මේසය මත රැඳී සිටීමට එක් උපකාරකයෙකු බැගින් සෑම කණ්ඩායමකටම පත් කරන්න.
  • මේස තුන වටා ඇවිද ගොස් ප්‍රශ්න තුන කියවා තමන් කැමති ප්‍රශ්නය තෝරා ගන්නා ලෙස සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටින්න.
  • තමන් තෝරාගත් ප්‍රශ්නය පිළිබඳ ගැඹුරින් සිතා බලන ලෙස සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටින්න.
  • අදාළ ප්‍රශ්නය පිළිබඳ කණ්ඩායම් සාමාජිකයින් විසින් ලබා දෙන සියලුම අදහස් සහ යෝජනා සටහන් කරගැනීමට කණ්ඩායම් උපකාරකයාට උපදෙස් ලබා දෙන්න.
  • පහසුකම් සපයන්නා ඉල්ලා සිටින විට සෑම මිනිත්තු 10 කට වරක්ම තමා සිටින කණ්ඩායම වෙනස් කළ යුතු බව සියලු සහභාගිවන්නන්ට දන්වා සිටින්න (උපකාරකයින් හැර).
  • ප්‍රශ්න තුන සඳහාම තමන්ගේ අදහස් බෙදා ගැනීමට සෑම සහභාගිවන්නෙකුටම අවස්ථාව ලැබෙන තෙක් ක්‍රියාවලිය දිගටම කරගෙන යන්න.
  • සඳහන් කරගන්නා ලද කරුණු ප්‍රදර්ශනය කරන ලෙස හා කණ්ඩායම තුළ සාකච්ඡා කරන ලද කරුණු සාරාංශගත කොට විශාල කණ්ඩායමට පැහැදිලි කරන ලෙස උප කණ්ඩායම් උපකාරකගෙන් ඉල්ලා සිටින්න.
අදහස් විමසීමේ ප්‍රශ්න
  • මිනිසුන් අතර සහයෝගීතාවයට බලපෑ සාවද්ය හෝ ව්‍යාජ තොරතුරු සම්බන්ධයෙන් නිදසුන් හෝ පෞද්ගලික අත්දැකීම් මොනවාද?
  • අනිවාර්ය නොවේ : සාවද්ය හෝ ව්‍යාජ තොරතුරු හොඳ චේතනාවකින් සංසරණය කළ හැකිද? එවැනි අවස්ථාවන්ට නිදසුන් මොනවාද?
  • සාවද්ය හෝ ව්‍යාජ තොරතුරු මගින් ධනාත්මක ප්‍රතිඵල ඇති කළ හැකිද? එවැනි අවස්ථාවන්ට නිදසුන් මොනවාද?
  • සාවද්ය හෝ ව්‍යාජ තොරතුරුවලට එරෙහිව සහයෝගයෙන් ක්‍රියා කළ හැකි ද?