හැදින්වීම


අනෙක් අය විසින් අපට සැකසහිත හෝ පැටළිලි සහගත තොරතුරු ලබාදෙන අවස්ථා තිබෙන අතර, එය අපගේ වැරදි අර්ථකථන සහ වරදවා වටහාගැනීම් වර්ධනය කිරීමට සහ ඒ තුලින් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කිරීමට හේතු වේ. විශේෂයෙන්ම, කණ්ඩායම් පරිසරයක වැඩ කරන විට, සාමාන්‍ය‍යෙන් සරල උපදෙස් බොහෝවිට වැරදි ලෙස අර්ථකථනය කළ හැකි අතර ඒ තුලින් එකිනෙකට පටහැනි ප්‍රතිඵල ඇති විය හැක.

මෙම ක්‍රියාකාරකමේ පරමාර්ථය වන්නේ එකම තොරතුර පිලිබඳව එක් එක් පුද්ගලයා විසින් තමන්ගේ අර්ථකථන ගොඩනගා ගැනීමට මගපෙන්වන නොපැහැදිලි උපදෙස් වෙනස් ආකාරයකට තේරුම් ගන්නේ කෙසේද යන්න සොයා බැලීමයි.

උපදෙස්
  • සහභාගිවන්නන් 5-10 දෙනෙකුට ඉදිරියට පැමිණ කණ්ඩායමට මුහුණ ලා හිට ගන්නා ලෙස ඉල්ලා සිටින්න.
  • සෑම ඉදිරිපත්වන්නෙකු අතටම හරි හතරැස් පත්‍රිකාවක් ලබා දෙන්න.
  • ඊළඟ පියවර වෙත යාමට පෙර පහත සඳහන් කොන්දේසි දෙක පිළිපැදිය යුතු බව ඉල්ලා සිටින්න:
  • ක්‍රියාකාරකම අතරතුර ඔවුන් දෑස් වසා සිටිය යුතුය.
  • කිසිදු ප්‍රශ්නයක් නොඇසිය යුතුය.
  • තමන් කැමති ආකාරයට කඩදාසිය අඩකින් නැවීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවන්ට උපදෙස් දෙන්න.
  • ඉන්පසු කඩදාසියේ පහළ දකුණු කෙළවර ඉරාදමන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.
  • කඩදාසිය නැවත අඩකින් නැමීමටත් පසුව ඉහළ දකුණු කෙළවර ඉරා දැමීමටත් ඔවුන්ට උපදෙස් දෙන්න.
  • කඩදාසිය නැවත අඩකින් නැමීමටත් පසුව පහළ වම් කෙළවර ඉරා දැමීමටත් ඔවුන්ට උපදෙස් දෙන්න.
  • ඔවුන්ගේ ඇස් විවෘත කර දිගහරින ලද කඩදාසිය එකිනෙකාට සහ තම කණ්ඩායමට ප්‍රදර්ශනය කරන ලෙස ඔවුන්ට උපදෙස් දෙන්න.

සටහන: චතුරස්රාකාර කඩදාසියක් බාවිතා කිරීම වඩාත් සුදුසුය. මන්ද සහභාගිවන්නන්ට තිරස් අතට හෝ සිරස් අතට නැමීමෙන් සෘජුකෝණාශ්‍රයක්/ චතුරශ්‍රයක් නිර්මාණය කිරීමට හෝ අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ ලෙස (එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා) නැමීමෙන් ත්‍රිකෝණයක් නිර්මාණය කිරීමට හැකියාව ඇත.

අදහස් විමසීමේ ප්‍රශ්න

බොහෝ දුරට, කඩදාසි පත්‍ර එක හා සමාන නොවිය හැක. සහභාගිවන්නන්ගෙන් අදහස් විමසීම සඳහා පහත සඳහන් ප්‍රශ්න අසන්න:

  • එකම උපදෙස් එක් එක් පුද්ගලයා වෙනස් ආකාරයට තේරුම් ගෙන ඇත්තේ කෙසේද?
  • විවිධ ආකාරවලින් අර්ථ නිරූපණය කළ හැකි, ලබා දුන් උපදෙස්වල අඩංගු වූ වචන මොනවාද?
  • අනිවාර්ය නොවේ : අපැහැදිලි බව අඩු කිරීම සඳහා සපයා ඇති තොරතුරු වඩාත් පැහැදිලිව ඉදිරිපත් කරන්නේ කෙසේද?
  • අනිවාර්ය නැත : කිසියම් තොරතුරක් තමන්ට නොතේරෙන විට පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමට අපි ඔවුන්ව දිරිමත් කරන්නේ කෙසේද?
  • තොරතුරු වල අපැහැදිලි භාවය සාවද්ය හා ව්‍යාජ තොරතුරු ජනනය කිරීමට ඉඩක් නිර්මාණය කළ හැකිද?
  • අපැහැදිලි තොරතුරු සහයෝගීතාවයට සහ කණ්ඩායම් ක්‍රියාකාරිත්වයට බලපාන්නේ කෙසේද?