මෙම කතන්දරය කණ්ඩායම වෙතට කියවන්න:

හර්ෂණ් එම ප්‍රදේශයට අළුතින් පැමිණි පුද්ගලයෙකි. සෑම දිනකම ඔහු පාවහන් රහිතව පා ගමණින් වෙළඳපොලට ගොස් තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගනියි. ඔහු නිරතුරුවම අසතුටින් සිටින බවක් පෙනේ.වෙළඳපොලට යන අතරමඟ ඔහු පසුපස ගමන් කරමින් ඔහුට විහිළු-තහළු කරන්නාවූ තරුණ පිරිමි ළමුන් කිහිපදෙනක් සිටිති. ඔවුහු ඔහුට මෝඩ පෙනුමක් ඇතැයි පවසති. ඔහුගේ හිසකෙස්, ඇට පෑදුණු පා, ඔහුගේ සමේ සහ ඇඳුම්වල පැහැය පිළිබඳ ඔවුහු ඔහුට විසුළු කරති. එක් දිනක, හර්ෂණ්ට විහිළු කරන කණ්ඩායමේ නායකයා වන මනුර, හර්ෂණ් වෙළඳපලේ සිට කෑම පාර්සලයකුත් ගෙන පිටතට පැමිණෙන අවස්ථාවේ ඔහුව තල්ලු කළේය.මනුර විසින් කෙතරම් තදින් හර්ෂණ්ව තල්ලු කළේද යත් ඔහු වැටෙන්නට ගිය අතර,ඔහුගේ කෑම පාර්සලය ද බිම වැටෙන්නට ගියේය.ඒ අසල තවත් පිරිස් වූ නමුත් ඔවුහු කිසිවක් නොපැවසූ අතර,කිසිදු උපකාරයක් නොකොට ඔහේ බලා සිටියහ.හර්ෂණ් වෙළඳපලට යන සෑම අවස්ථාවකමපාහේ මෙය සිදුවේ.හඬන්නට සිතෙන තරම් දුකක් හර්ෂණ්ඇති වන නමුදු ඔහු නොහඬයි. හැඬුවහොත් තත්ත්වය වඩාත් බරපතල වනු ඇතැයි ඔහු සිතයි.එනමුදු ලැජ්ජාව නිසා ඔහු මේ බව ඔහුගේ දෙමව්පියනට හෝ ගුරුවරුනට නොපවසයි.


හර්ෂණ් මුහුණදුන් තත්ත්වයට ඔබට මුහුණ දීමට සිදුවුවහොත් ඔබට කුමක් හැඟේද? යන්න සහභාගීවන්නන්ගෙන් විමසන්න.


  • ඔහුට කෙබඳු හැඟීමක් ඇතිවන්නට ඇතිදැයි ඔබ සිතන්නේද?
  • හර්ෂණ් තුළ පැවතිය හැකි හැඟීම් නම් කිරීමට සහභාගීවන්නන්ට උපකාර කරන්න.

ඒ අවස්ථාවේ ඒ අසල සිටින අ‍යෙකු අතරින් කෙනෙකු බවට ඔබ පත්වුවහොත් එකී තත්ත්වය කෙබඳු විය හැකිද? යන්න සිතින් මවා ගන්නා ලෙස සහභාගීවන්නන්ට පවසන්න.


  • ඒ දෙස බලා සිටින අනෙක් කුඩා ළමුන්ට කුමන හැඟීමක් ඇතිවන්නට ඇතිදැයි ඔබ සිතන්නේද?
  • අසල බලා සිටින්නන් වෙත පැවතිය හැකි හැඟීම් නම් කරන ලෙස සහභාගීවන්නන්ට පවසන්න.

සහභාගීවන්නන් සිවුදෙනා බැගින් වූ කණ්ඩායම්වලට බෙදෙන්න.කතාන්දරය පිළිබඳ සාකච්ඡාකොට හර්ෂණ්ට උපකාර කිරීම සඳහා අසළ බලා සිටින්නන් විසින් කළ හැකිව තිබූ දේ වාක්‍ය දෙකකින් හෝ තුනකින් විස්තර කරන්න.

ප්‍රධාන කණ්ඩායමට නැවත පැමිණි පසු එක් කණ්ඩායමකින් එක් නියෝජිතයකු බැඟින් ගෙන ඒ මෙහොතේ අසල සිටින්නන්හට කළ හැකිව තිබුණ දේ විස්තර කරන්නා වූ වාක්‍ය දෙකක් හෝ තුනක් ඔහු ලවා කියවන්න.