සාකච්ඡා හරහා අවබෝධය හා ඉවසීම පිළිබඳ සංකල්ප ගවේෂණයකරන්න. විමසන්න:


  • ඉවසීම යන්නේ කුමක් අදහස් වේද? යන්න විමසන්න.

පුවරුව මත සහභාගීවන්නන්ගෙන් ලබාගත් ප්‍රධාන වචන හෝ කරුණු ලැයිස්තුගත කරන්න. ඉවසීම පිළිබඳ සහභාගීවන්නන්ගේ අදහස්වලට සවන් දීමෙන්පසු ඉවසීම යනු :

“අදහස්, භාවිතයන්, ආගම, ජාතිය, පුරවැසිභාවය හෝ ඒ හා සමාන දේවල් වලින් තමන්ට වඩා වෙනස් අය කෙරෙහි දක්වන සාධාරණ සහ අපක්ෂපාතී ආකල්ප බව පවසන්න. ” (මුලාශ්‍රය : http://www.dictionary.com)

ශබ්ද කෝෂය එය අර්ථ දක්වා ඇති ආකාරය සහසහභාගීවන්නන් එය අර්ථ දැක්වූ ආකාරය හා සසඳන්න. සහභාගීවන්නන්ගේ අර්ථකථනයට යම් කිසිවක් එකතු කළයුතුදැයි පරික්ෂා කර බලන්න.කණ්ඩායම යම් අර්ථකථනයකට එකඟ කරවාගෙන එය බිත්තියේ ඇලවිය හැකිවන පරිදි පෝස්ටරයක ලියන්න.


කණ්ඩායම සමඟ පහත කරුණු සාකච්ඡා කරන්න.


  • ඉවසීම සාමය සඳහා අවශ්‍ය අංගයක් බව පැවසේ.
  • සාමය හා ඉවසීම අතර පවත්නා සම්බන්ධය කුමක්ද?
  • ගැටුම හා නොඉවසීම අතර සම්බන්ධතාවයක් ඇති බව පෙන්වන අවස්ථා පිළිබඳ උදාහරණ ඔබට සිහිකළ හැකිද?

දැන් ගැටුම් පිළිබඳ ලබාදුන් උදාහරණ මත පදනම්ව, ගැටුම ආරම්භවීමට බලපෑ සාධක කවරේද?යන්න සහභාගීවන්නන් සමඟ සාකච්ඡා කරන්න. ඉන්පසු ද්‍රව්‍යාත්මක වශයෙන් මෙන්ම පුද්ගලයින් මත ගැටුම් විසින් ඇති කරවනප්‍රතිවිපාක කවරාකාර ද යන්න විමසන්න.