වෙනත් පුද්ගලයෙකුගේ තත්ත්වයට පත්වීම කෙබඳු වන්නේද යන්න සොයා බැලීම සඳහා සහභාගීවන්නන් යුගල වශයෙන් එක්ව නිහඬ අභ්‍යාසයක් කරන්නට යන බව කණ්ඩායමට පවසන්න.ඔවුන් සාමාන්‍යයෙන් එතරම් ඇසුරු නොකරන අයෙකු තමන්ගේ සහකරු හෝ සහකාරිය ලෙස තෝරාගන්නා ලෙස ඔවුනට පවසන්න.යුගලයේ එක් පුද්ගලයෙකු විනාඩි 5ක් පමණ නිහඬව ඇවිද යන අතර,ඔහු ඇවිදින ආකාරය, ඔහු තම පා චලනය කරන ආකාරය, ඔහුගේ පියවරයන්හි විශාලත්වය සහ ඔහු තම පා බිම තබන ආකාරය ඇතුළු ඔහු විසින් කරන්නා වූ සියලු දේ ඔහු අනුව යමින් ඔහුගේ සහායකයා අනුකරණය කළයුතු බව ඔවුනට පවසන්න.තමන්ගේ සගයා ගමන් කරන විට ඔහුගේ බාහු හා අත් සොලවන ආකාරය අනුකරණය කළ යුතු අතර, ඔහු කුමක් දෙස බලන්නේද යන්න හා ඔහු කුමකට ඇහුම්කන් දෙන්නේ ද යන්න පිළිබඳවද සැළකිලිමත් විය යුතුය.විනාඩි 5 කට පසු එකිනෙකා තම භූමිකා දෙක මාරු කරගත යුතුය.
නැවත ප්‍රධාන කණ්ඩායමට ගිය පසු එම ක්‍රියාකාරකමේ දී සහභාගී වන්නන් විසින් සොයාගත් කරුණු පිළිබඳව පහසුකම් සපයන්නා විසින් සාකච්ඡාවක් ගොඩනගා ගතයුතුය.
“Walk a mile in my shoes” is good advice. People will learn to respect others and have tolerance for others if they are used to imagining themselves in another’s place.
ඉවසීම පිළිබඳ ඉහත සඳහන් අර්ථකථනය සිහිතබා ගන්න. ඉවසීම යනුවෙන් අදහස් කරන්නේ ඔබ,ඔබට වඩා වෙනස් වූ පුද්ගලයින්ගේ චර්යාවන්ටහුරුවිය යුතු බව නොවේ. අනෙකාගේ තත්ත්වය තමාට ආරෝපණය කර ගැනීම හෙවත් අනෙකාගේ සපත්තුව පැළඳීම වූ කලී වෙනත් අයෙකුගේ විවිධත්වයන් පිළිබඳව අවබෝධය ප්‍රගුණ කර ගනිමින් ඒ කෙරෙහි සාධාරණ ආකල්පයක් ඇති කර ගැනීමේ ක්‍රමයකි.