සහභාගීවන්නන්ට ඔවුන් විසින්ම දෘෂ්‍යකරණ අභ්‍යාසයක් සිදුකිරීමට යන බව පවසන්න.මේ සඳහා ඔවුන් නිහඬව පහසු ස්ථානයක හිඳගෙන සිටිමින් පහසුකම් සපයන්නාට ඇහුම්කන් දීම සිදුකළ යුතුය. සහභාගීවන්නන්ට තම ඇස් වසා ගන්නා ලෙස උපදෙස් දෙන්න.පහත සඳහන් එක් එක් කරුණු ප්‍රකාශ කරන්න.එක් කරුණක් කියවීමෙන් පසු අනෙක් කරුණ පැවසීමටමද විරාමයක් ගන්න.
දැන් ප්‍රධාන කණ්ඩායම තුන්දෙනා බැඟින් හෝ හතරදෙනා බැඟින් කණ්ඩායම්වලට බෙදන්න.සෑම කණ්ඩායමකටම කඩදාසි කැබැල්ල ලබා දෙන්න (විශාල කැබැල්ලක් නම් වඩාත් යහපත්ය)සෑමවිටකම සියලුදෙනාම එකිනෙකා කෙරෙහි ඉවසීම ප්‍රකට කරන්නේ නම්,තමාගේ ප්‍රජාව හෝ ශ්‍රී ලංකාව දිස්වනු ඇති ආකාරය සිතුවමට නගන ලෙස ඒ ඒ කණ්ඩායම්වලට උපදෙස් දෙන්න.
එය අවසන් වූ පසු සෑම කණ්ඩායමකටම,ප්‍රධානකණ්ඩායම වෙත තමන් නිර්මාණ ඉදිරිපත් කොට එය විස්තර කරන ලෙසට ආරාධනා කරන්න.