සහභාගීවන්නන් සමඟ සංවාදයක් පැවැත්වීම සඳහා විවිධ විශ්වාසයන්ගෙන් යුත් පුද්ගලයින්ටආරාධනා කරන්න. තමාගේ පුද්ගලික අතීත අත්දැකීමක් හෝ තමන්ගේ විශ්වාසයන් ප්‍රධාන අංග පිළිබඳ කණ්ඩායම සමඟ බෙදාහදා ගන්නා ලෙස අමුත්තාගෙන් ඉල්ලා සිටින්න. ආරාධිතයා/ආරාධිතයන් පිළිබඳව සහභාගීවන්නන්ට කල්තියා දැනුම් දී ආරාධිතයාගෙන් ඇසිය හැකි ප්‍රශ්න පිළිබඳ සහභාගීවන්නන් පිළිබඳ සහභාගීවන්නන් කල් ඇතිව සූදානම් කරන්න.මීට අමතරව,වෙනත් සංස්කෘතීන්ට හෝ ජන වර්ගයන්ට අයත් පුද්ගලයින්ටපැමිණ තම කණ්ඩායම සමග සාකච්ඡා කරන ලෙස ඔබට ආරාධනා කළහැක. සහභාගීවන්නන්ට නිදහස්ව ප්‍රශ්න ඇසීමට ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතු අතර,අවශ්‍යවන්නේ නම් කාරුණික බව සහ සක්‍රීය සවන් දීම පිළිබඳ උගත් කරුණු නැවත ඔවුන් වෙත සිහිපත් කරන්න.එකී ආරාධිතයා පැමිණ ගිය පසු එම සාකච්ඡාවෙන් උගත්තේ කුමක් ද යන්න සහභාගීවන්නන්ගෙන් විමසන්න.

ප්‍රායෝගිකව කළ හැකි උචිත වේ නම්,ඔබට වෙනත් ආගමකට අයත් පූජනීය ස්ථානයක් දැක බලා ගැනීම සඳහ චාරිකාවක් සූදානම් කළ හැක.ඔබගේ කණ්ඩායම හා එකී සිද්ධස්ථානයේ ආගමික අනුගාමිකයන්අතර සාකච්ඡාවකට පහසුකම් සැලසීමට මෙහිදී ඔබටහැක.