සහභාගීවන්නන් කුඩා කණ්ඩායම්වලට බෙදා ඔවුන් යම් භූමිකා රංගනයක් සිදුකිරීමට යන බවපවසන්න. ලබා දී ඇති අවස්ථා කාඞ්පත් හෝ ඔබ විසින්ම නිර්මාණය කරන ලද කාඞ්පත් මෙහිදී භාවිත කරන්න.සෑම කණ්ඩායමකින්ම එක් අයෙක් පැමිණ අහඹු ලෙස කාඞ්පත්රැගෙන, නැවත තමකණ්ඩායම වෙත යන ලෙස ඉල්ලා සිටින්න.කණ්ඩායම විසින් කාඞ් පත්කියවා එහි සඳහන්ව ඇති අවස්ථාව, කණ්ඩායම තුළ සාකච්ජා කොට සෑම දෙනාම එක්ව ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් කවරේද යන්න පිළිබඳ එකඟතාවයකට පැමිණෙන්න. කාල වේලාව ඇත්නම් පත්‍රයේ සඳහන් ඇති අවස්ථාව නිරූපණය කරන කෙටි භූමිකා රංගනයක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දෙන්න.
ඕනෑම පරිච්ඡේදයක් සඳහා අවස්ථා කාඞ්පත් භාවිතා කළ හැක. වත්මන් ගැටලූ සහ ඔබ කණ්ඩායමට අදාළ තත්ත්වයන් පාදක කරගෙන ඔබට, ඔබේම කාඞ්පත් නිර්මාණය කළ හැක.